සිංහල උපසිරසි හදමු

යාළුවො ගොඩක් අය අහන්නේ කොහොමද උපසිරසි හදන්නේ කියලනෙ. ආරම්භයක් විදියට මන් සරලව ඉතාම කෙටි කාලයකින් සිංහල උපසිරසියක් හදන්නේ කොහොමද කියල කියල දෙන්නම්. බය වෙන්න එපා ලොකු ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නෑ.

මුලින්ම අපිට මෘදුකාංග කීපයක් අවශ්‍ය වෙනව. මං භාවිත කරන්නේ පැනසල මෘදුකාංගය. ඒක පහසුයි. සිංග්ලිශ් විදියට කොටන්න තියෙන්නෙ. key board එකේ යතුරු මතක තියා ගන්න ඕනි නෑ. අපේ කැම්පස් එකේ අයියා කෙනෙක් හදපු මෘදුකාංගයක්. රුහුණෙ EFAC එකේ. මමත් ඒකෙම තමා ඉතින්. 🙂

https://drive.google.com/file/d/1V2OZArqBybLmNPCrCMQML0P4kDZVCWYw/view

ඔන්න ඔය උඩ තියන link එකෙන් පැන්සල මෘදුකාංගය බාගත කර ගන්න.

ඊලඟ පියවර තමා අපිට නිර්මාණය කරන්න ඕනි උපසිරසියේ ඉංග්‍රීසි උපසිරසියක් හොයා ගන්න එක. HDTV උපසිරසියක් හොයගන්න. මොකද ගොඩක් අය බලන්නෙ  HDTV වීඩියෝ අයිතමය නිසා.

ඊට පස්සෙ ඉංග්‍රීසි උපසිරසියෙ පිටපතක් හදා ගන්න.

s1.jpg

දැන් ඔරිජිනල් එකයි කොපියයි දෙකම Note Pad එකෙන් open කර ගන්න.

s2.png

පහල තියන විදියට හදා ගත්තාම ලේසි.

s3.jpg

දැන් google translator භාවිතා කරල copy , paste කරන්න ඕනි මුලින්ම. හැබයි ඔක්කොම්ම එක පාරම google translator කරන්න බෑ. මොකද එක පාර වචන 3000 වගේ තමා පුළුවන්. ඒ කියන්නෙ line 20-30  ක් අතර ප්‍රමණයක්. translator කරද්දි ඔය තියන syntax වෙනස් වෙනව. ඒ ගැන දැන්ම හිතන්න ඔනි නෑ.

s4.jpg

ඊට පස්සෙ සිංහලට හැරවුණු උපසිරසි ටික note pad එකට කොපි කර ගන්න. ඔය විදියට මුළු උපසිරසි ටිකම සිංහලට හරව ගන්න.

සිටි.jpg

දැන් බලමු කොමද ඔය වෙනස් වෙලා තියන syntax එක පාරින් වෙනස් කර ගන්නෙ කියල. මතක තියා ගන්න translator කරපුවාම 100% නිවැරදි නෑ. ඊට පස්සෙ එකින් එක කියවල පැන්සල මෘදුකාංගය භාවිතා කරල ලස්සනට උපසිරසිය හදා ගන්න.

s5.jpg

දැන් Edit – Repalce කියන ටැබ් එක ගන්න. නැත්නම් Ctrl + H හිට් කරන්න.

s6.png

දැන් Replace All click කරන්න. දැන් ඉතින් උපසිරසිය හදල ඉවරයි.

හරිම ලේසියි. මේ වැඩෙන් ඔයාලගෙ ඉංග්‍රීසි දැනුමත් වැඩි වේවි.

අපිත් සමග එකතුවන්න. ගැටළු තිබේ නම් යොමු කරන්න.

piyathilaka10@gmail.com

neo.induranga@gmail.com

0711641942 (Whats app / Viber)

Post by Pasindu

Thank You!!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *