Altered Carbon Sinhala Review – සිංහල විචාරය

Altered Carbon Sinhala Review

ඔන්න එහෙනම් සුපිරි කතා මාලාවක Review එකක් අරගෙන අදත් ආව. මේ කතා මාලාව අද නිකුත් වුණේ. Netflix සමාගමෙ අලුත්ම කතා මාලාව.

Altered Carbon

Stranger Things, Dark වගේ ලෝව පුරා ජනප්‍රිය වූ සුපිරි Sci-Fi කතා මාලා වලින් පසුව මේ වසරේ Netflix සමාගමේ අලුත්ම Sci-Fi කතා මාලාව තමයි Altered Carbon. මේ කතා මාලාවට පාදක කරගෙන තියෙන්නෙ Richard K. Morgan නවකතා කරුගෙ මේ නමින්ම 2002 වර්ශයෙදි නිකුත් වූ නවකතාවක්(Altered Carbon නවකතා පොත් මාලාවෙ පළමු පොත). මේ නවකතාව කුඩා තිරයට ගෙනෙන බව 2016 ජනවාරි මාසයෙදි නිවේදනය කළා. කතා මාලාව ෆෙබරවාරි දෙවනිද නිකුත් වුණා.

මේ කතා මාලාව නිපදවීමේ පුරෝගාමිනිය වන්නෙ Laeta Kalogridis. Shutter Island, Terminator Genisys සහ Avatar වගේ සුපිරි සිනමා පටවලට සම්බන්දාව ඇය වැඩකළා. එහි ආභාශයන් සමගින් නිපදවුණු සුපිරි කතා මාලාවක් තමයි Altered Carbon. ඒ වගේම සුපිරි සිනමාපට කිහිපයක්ම ලොවට දායාද කළ දක්ශ ප්‍රොඩියුසර්ල කිහිපදනෙක්ම මේ කතා මාලාව නිපදවීමට එකතු වෙලා තියනව. කතා මාලාවෙ Pilot එපිසොඩ් එක රචනා කරන්නෙ Game Of Thrones කතා මාලාවෙ Battle Of The Bastards සහ Winds Of Winter මෙන් ටීවි සීරිස් ලෝකය හොල්ලපු එපිසොඩ් නිර්මාණය කිරීමට දායක උන Miguel Sapochnik.

Altered Carbon Universe –

26 වන ශතවර්ශයෙදි සිදුවන කතාවක් වටා තමයි මේ කතා මාලාව ගලාගෙන යන්නෙ. මිනිස් ජනගහනයෙ සිදුවන වර්ධනයත් සමග මිනිස් ජනාවාස ග්‍රහලෝක පුරා පැතිර තිබෙනව. මේ කාලයෙදි වෙද්‍ය විද්‍යාවේ ඇතිවන දියුණුවත් සමග මිනිසුන්ගෙ ආත්මය නැතිනම් මනස ඩිජිටල් ක්‍රමයකට ගබඩා කරන්න පුලුවන් ක්‍රමයක් සොයා ගන්නව.

මෙහිදී වෙන්නෙ සෑම පුද්ගලයෙක්ම උපත ලබල අවුරුදු එක සපිරුණු ගමන්ම cortical stack නම් කුඩා උපකරණයක් කශේරුකාව පදෙසෙ තැන්පත් කරනව. එම උපකරණය මගින් ඒ උපකරණය තැන්පත් කළ මිනිසාගෙ මතකයන්, හැකියා, බුද්දිය අදී ඔහුගෙ සියලු දේම රෙකෝර්ඩ් කරගන්නව. පසුව කවදහරි එම පුද්ගලය මිය ගිය විට ඔහුගෙ කලින් තැන්පත් කරපු, මතකයන් අදී සියලු දේම රෙකෝඩ් උන cortical stack නම් කුඩා උපකරණය ශරීරයෙන් ඉවත් කරල අලුත් ශරීරයකට සවිකරනව. මේ කුඩා උපකරනය( cortical stack ) සවි කරන හිස් ශරීර Altered carbon කතා මාලාවෙදි හදුන්වන්නෙ sleeve ලෙස. මියගිය ශරීරයක තියන cortical stack එකක් අලුත් ශරීරයකට නැතහොත් අලුත් Sleeve එකකට ට්‍රාන්ස්ෆර් කරන ක්‍රියාවලිය හදුවන්නෙ Resleeve ලෙසට.

Crtical stack – මිනිසාගේ සියලුදේම රෙකෝර්ඩ් කරන කුඩා උපකරණය
Sleeve – Crtical stack එකක් සවි කරන අලුත් ශරීරය
re-sleeving- Crtical stack එක පරණ ශරීරයෙන් ඉවත් කර අලුත් ශරීරයට සවිකරන ක්‍රියාවලිය.

කොහොම උනත් සෑම පුද්ගලයෙක්ටම මේ විදියට සමාන ආකාරයෙන් ශරීර(sleeve) ලබාගන්න බැහැ. ධනවත් පුද්ගලයන්ට ඕනි තරම් ශරීර (sleeve) ලබා ගැනීමට හැකි වුනත් දුප්පත් පුද්ලයන්ට ඒ සදහා මුදල් නොමැති වුණා. දුප්පත් පුද්ගලයින් Resleeve ක්‍රියාවලිය සිදු කරන්නෙ එක් වරක් හෝ දෙවරක් වගේ ප්‍රමාණයක් පමණයි. නමුත් ඉතා ධනවත් උසස් පුද්ගලයින්ට ඕනි තරම් කාලයක් ජීවත් වන්න හැකියාව තියනව. එලෙස දීර්ඝ ජීවිත ගෙවන පුද්ගලයින් හදුන්වන්නෙ මෙත්ස්ල යනුවෙන්. මේ මෙත්ස්ලගෙ මතකය/ ආත්මය Crtical stack(ශරීරයෙ කශේරුකාවෙ තැන්පත් කරන උපකරණය) එකට මතරව දිනපතා අප්ඩේට් වෙන තවත් දත්ත ගබඩාවලත් තැන්පත් කරනව. ඔහුන්ගෙ Crtical stack එක වුනාශ උනත් අමතරවත් දත්ත තැන්පත් කර තිබෙන නිසා දීර්ඝ ජීවිත ගත කරන්න පුලුවන්.
විශේෂයෙන්ම මිනිස්සුන්ට තමන්ට අවශ්‍ය ශරීරය(sleeve) තෝරගන්න බැරි උනා. ඉතිරිව තිබෙන කුමන හෝ Sleeve එකකට Crtical stack එක සවිකරන එක කරන්නෙ. ඇතැම් විට කුඩා ළමයෙක්ගෙ Crtical stack එකක් වැඩි ඩිහිටියෙකුගේ ශරීරයකට(Sleeve) සවි කිරීම, වෙනස් ජනවර්ගයක ශරීරයකට සවිකිරීම , ලින්ගික වශයෙන් වෙනස් ශරීරයකට සවි කිරීම වගේ ගැටලුත් මේ ක්‍රමයෙන් ගොඩ නැගුන. එක් ශරීරයක තිබෙන Crtical stack එකක් තවත් ශරීරකට(Sleeve එකකට) තැන්පත් කරන ක්‍රියාවලිය( re-sleeving) ඉතා විශාල මුදලක් යන කාර්‍යයක්. ඇතැම් පුද්ගලයින්ට re-sleeving ක්‍රියාවලිය කිරීම සදහා මුදල් නොමැති වූ විට ඔහුගෙ මිය ගිය ශරීරයෙන් Crtical stack එක ඉවත් කර ස්ලීප් මොඩ් එකේ තබනව. එම ස්ලීප් මොඩ් එකේ තිබෙන Crtical stack එකක් අවශ්‍ය නම් ඕනිම කාලයකදි Sleeve එකකට සම්බන්ද කර එම පුද්ගලයා නැවත අවදිකරන්න හැකියාව තියනව.
මේ කාලයෙදි පුද්ගලයෙක් මරන්න තියන එකම විදිහ තමයි Crtical stack එක විනාශ කිරීම සහ මෙත් කෙනෙම් නම් තිබෙන අමතර Back up එකත් විනාශ කිරීම. ඒ වගේම කතෝලික ආගමට විරුද්ධ ප්‍රතිපත්තියක් නිසා කතෝලික ආගම අදහනව නම් ඒ පුද්ගලයන්ගෙ Crtical stack කුඩා උපකරණය ශරීරයෙ තැන්පත් කරන්නෙත් නෑ( කතෝලික ආගමට අනුව මරෙණෙන් පසු දිව්‍යලෝකෙට යනව කියන මතය බිදෙන නිසා). කතෝලිකයන් මෙම ක්‍රමයට විරුද්ධයි.
Resleeving ක්‍රියාවලියෙන් පසුව කලින් ශරීරය(Sleeve එක) භාවිත කරපු තැනැත්තාට එයට හිමි අයිතිය අයිතිය අහිමි වෙනව. ඒ ශරීරය(Sleeve එක) තවත් අලුත් ශරීරයක්(Sleeve එකක්)තැනීමට යොදාගන්නව.

Pilot
°°°°°
Altered Carbon කතා මාලාවෙ ප්‍රධාන චරිතය Takeshi Kovacs. Takeshi Kovacs කියන්නෙ 22වන සියවසේ හමුදා සොල්දාදුවෙක් ලෙස කටයුතු කරපු පුද්ගලයෙක්. එහිදි සිදුවූ හමුදා මෙහෙයුමක් අතරතුරදි එය වැරදීම හේතුවෙන් ඔහු ඩිජිටල් සිරගෙයකට නියම වෙනව. ඉන්පසු අවුරුදු 250කට පසුව Laurens Bancroft නම් පුද්ගලය විසින් ඔහු ඉන්ෆිනිටි ස්ලීප් එකෙන් අවදි කරනු ලබනව.

Laurens Bancroft කියන්නෙ දීර්ඝ ජීවිත ගෙවන්න හැකි මෙත් කෙනෙක්. එක් දිනක් Bancroft ඔහුගේ නිවසේ සිටියදී ඝාතනය කරනු ලබනව. නමුත් ඔහුගෙ cortical stack එකේ දත්ත දිනපතා Buckup වන නිසා ඔහුව වෙන Sleeve එකක් මාර්ගයෙන් නැවත ජීවිතය ලබා ගන්න හැකි වෙනව. නමුත් එක් ගැටලුවක් මතු වෙනව ඒ තමයි ඔහුගෙ cortical stack එකේ දත්ත Backup වෙන්නෙ පැය 24 කට වරක්. එම පැය 24 ගැප් එකක් ඇතුලතදි ඔහුව මරල දාන්නෙ. එම නිසා ඔහුව Sleeve එකක් මාර්ගයෙන් නැවත ජීවත්විය හැකි උනත් ඔහුගෙ මිනීමරුව ඔහුට දැනගන්න ලැබෙන්නෙ නෑ. ඔහුගෙ මිනීමරුව කවුද කියල සෙවිය හැකි දක්ශතා තිබෙන එකම පුද්ගලය තමයි කතා නායකය වන Takeshi Kovacs. ඒ සදහා තමයි Laurens Bancroft විසින් Takeshi Kovacs නැවත Sleeve එකක් මාර්ගයෙන් අවුරුදු 250කට පසුව අවදි කරන්නෙ. Takeshi Kovacs පොලිස් නිලදාරියෙකු ලෙස, Laurens Bancroftගෙ මිනීමරුව සොයන ආකාරය කතා මාලාවෙන් බලාගන්න පුලුවන් වෙන්නෙ. (මෙහෙම කිවුවට ඉස්සරහට කතාව ගොඩක් වෙනස් වෙනව.)

කතා මාලාවෙ කාස්ට් එක-
Joel Kinnaman – කතා මාලාවෙ කාස්ට් එක- කතා මාලාවෙ ප්‍රධාන චරිතය වන Takeshi Kovacs සදහා පණ පොවන්නෙ ඔහු. House Of Cards, The Killing වැනි කතා මාලා වලින් සහ Suicide Squad , Robocop වැනි සිනමා නිර්මාණ වලින් මෑතකකදි ඔහුව බලාගන්න පුලුවන් වුණා.
James Purefoy- කතා මාලාවෙ Laurens Bancroft රංගනයෙන් දායකවන්නෙ මොහු. The Following සහ Rome වැනි කතා මාලා වලින් ඔහුව බලාගන්න පුලුවන් වුණා.
Martha Higareda – කතා මාලාවෙ Kristin Ortega සදහා රංගනයෙන් දායක වන්නෙ මැය.
Dichen Lachman- කතා මාලාවෙ Reileen Kawahara සදහා පණ පොවන්නෙ ඇය. The 100, Dallhouse වැනි කතා මාලාවලින් කලින් අපිට ඇයව බලාගන්න හැකි වුණා.
මීට අමතරව Martha Higared, Renée Elise , Ato Essandoh, Leonardo Nam සහ Chris Conner වගේ නළු නිළියන් රැසක් කතා මාලාවෙන් දැකගන්න පුලුවන්.

කතා මාලාවට ලැබෙන ප්‍රතිචාර-
Altered Carbon කතා මාලාවට දැනට 9.5ක IMDB අගයක් ලැබිල තියනව. නමුත් මෙම අගය ඉදිරියෙදි වෙනස් වෙනව කතා මාලාව අද නිකුත් වූ නිසා. කතා මාලාව ගැන ක්‍රිටික්ස්ල කියන විදියට කතා මාලාව හොදයි, නමුත් හොදටම හොද නැහැ (Altered Carbon is good, but it’s not great.).

The Run-
Altered Carbon කතා මාලාවෙ එපිසොඩ් එකක් මිනිත්තු 60ක් පමණ දීර්ඝ වෙනව. සම්පූර්ණ එපිසොඩ් ගණන 10 යි. තවම කතා මාලාව දෙවෙනි කතා සමයට දීර්ඝ කරල නෑ. නමුත් දෙවන කතා සමයට දීර්ඝ කරාවි.

ඊට අමතටව කතා මාලාවෙ සුපිරි Theme එකක් බලාගන්න පුලුවන්. Visual Effect නම් සුපිරියටම තියනව.

එහෙනම් මෙතනින් Review එක නවත්වනව. කතා මාලාව ගැන පුලුවන් තරන් සරල වශයෙන් තමයි කියන්න උත්සහ කළේ.
එහෙනම් අදට සමු ගන්නව තවත් සුපිරි Review එකකින් හමු වෙමු.

#NightKing

Posted by Tv Series World

සිංහල උපසිරසි සමග කතා මාලාව ඩවුන්ලෝඩ් කර ගන්න මෙතනින් යන්න.

5 Comments on “Altered Carbon Sinhala Review – සිංහල විචාරය”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *