Avengers Infinity War (2018) Sinhala Review – සිංහල විචාරය

අද ගෙනාවෙත් ඉදිරියෙදි නිකුත් වෙන්න තියෙන film එකක් ගැන විස්තරයක්. ඒ Avengers: Infinity War (2018) film එක ගැන. මේ film එක නිකුත් වෙන්න තියෙන්නෙ 2018 මැයි 4 වෙනිදයි. කට්ටිය බලල ඇතිනෙ 2012දි ආපු Marvel's The Avengers සහ 2015දි ආපු Avengers: Age of Ultron films දෙක. ඉතිං තුන්වැන්න තමා 2018දි එන Avengers: Infinity War කියන්නෙ. පළවෙනි Avengers films දෙක JossWhedon අධ්‍යක්ෂනය කළාට Avengers: Infinity War (2018) නම් අධ්‍යක්ෂණය කරන්නෙ Captain America: Winter Solder (2014) සහ Captain America: Civil War (2016) films දෙක අධ්‍යක්ෂණය කරපු Anthony Russo සහ Joe Russo සහෝදරයොදෙන්න. MCU එකේ 19වෙනි film එක තමා Avengers: Infinity War (2018). ඊට පස්සෙ 2019දි නිකුත් කරන්න නියමිත Avengers 4 (untitled) film එකේ තාම රූගත කිරීම් කරනව. ඒත් ඒ films දෙකේ තියෙන්නෙ වෙනම කතා දෙකක් කියල තමා අධ්‍යක්ෂකවරු කියන්නෙ.

ඒත් ඉතිං කට්ටිය දන්නවනෙ, MCU එහෙමත් නැත්නම් Marvel Cinematic Universe කියන දේ. ඒ කියන්නෙ Marvel Studio එකෙන් හදන ගොඩක් films එකතු වෙන තැනක්. ඒ නිසා Avengers: Infinity War (2018) film එක බලන්නත් MCU එකේ තියෙන තව තව films වල විස්තර දැනගන්න වෙනවා.ඉතිං මේ film එකට Avengers films දෙකට අමතරව Doctor Strange (2016), Guardians of the Galaxy Vol.2 (2017) සහ Black Panther (2018) වගේ films වලත් විස්තර ටිකක් දැනන් ඉන්න වෙනවා.

මේ film එකේ ප්‍රධාන චරිත 67කටත් වඩා ඉනන්ව කියල කටකතා තියෙනව. ඒක ඇත්ත, ගණන් කරල බැලුවොත් දැනගන්න පුළුවන්. ප්‍රධාන ම වරිත හැටියට Iron Man, Captain America, Winter Solder, Hulk, Thor, Black Widow, Hawk-Eye, Black Panther, Scarlet Witch, War Machine, Ant-Man සහ Wasp වගේ කට්ටියව අපිට දැකගන්න පුළුවන්. ඒවගේ ම Guardians of the Galaxy film එකේ ඉන්න ප්‍රධාන චරිත ටික මේ එකේදිත් දැකගන්න පුළුවන්. ඒත් එක්ක ම Doctor strange, Spider-Man, Vision, Falcon, Wong, Loki සහ Collector කියන චරිතත් දැකගන්න පුළුවන්.

Marvel films වල සුපිරි වීරයො වගෙ ම සුපිරි හතුරොත් ඉන්නව කියල අමුත්වෙන් කියන්න ඕනෙ කමක් නැහැනෙ. මේ film එකේදි ප්‍රධාන හතුර වෙන්නෙ Thanos. Mad Titan කියලත් හඳුන්වනව. ඉතිං එයාට ඕනෙ කරල තියෙන්නෙ Infinity Stones (Infinity Gems) කියල සුපිරි බල තියෙන මැණික් ගල් 6ක් හොයා ගන්න. ඒව තමයි Power Stone, Soul Stone, Time Stone, Mind Stone, Reality Stoneසහ Space Stone කියන්නෙ. මේ Infinity Stones 6 ම විශ්වය ආරම්භ වෙන්නත් කළින් ඉඳල තිබුණ කියල තමා Marvel Comics වල නම් කියන්නෙ. MCU ප්‍රේක්ෂකයො හොඳට ම දන්නව ඇති දැනටමත් මේ infinity Stones 6න්, 5ක් ම අපි MCU එක ඇතුළේ දකින්න ලැබුණ කියල. Power Stone එක දැකගන්න පුළුවන් වුණා Guardian of the Galaxy (2014) film එකේදි. Reality Stone එක Thor: The Dark World (2013) සහ Time Stoneඑක Doctor Strange (2016) films වල දැකගන්න පුළුවන් වුණා. ඒ වගේම Space Stone එක Captain America: The First Avenger (2011), Thor (2011) සහ Marvel's The Avengers (2012) films වලදි දැකගන්න පුළුවන් වුණා. ඒත් එක්ක ම Mind Stoneඑක Marvel's The Avengers(2012) සහ Avengers: Age of Ultron(2015) films දෙකේදි දැකගන්න පුළුවන් වුණා සහ දැන් Mind Stone එක තියෙන්නෙ Visionගෙ නළලෙ. අන්තිමට ඉතුරුවෙලා තියෙන්නෙ Soul Stone එක. ඒත් තාම MCU එක ඇතුළෙ සැකගන්න ලැබුණෙ නැහැ.

ටිකක් විශ්වාස කරන්න පුළුවන් කටකතා තියෙනව Soul Stone එක තියෙන්නෙ කොහෙද කියල. එකක් තමා ඒක තියෙන්නෙ Wakanda වල කියන මතය. Wakanda කියන්නෙ Black Panther ගේ නගරෙ. තව මතයක් තියෙනව Soul Stoneඑක තියෙන්නෙ Heimdall ළඟ කියන එක. Thor: Ragnarok film ඒකට පුංචි සාක්ෂියක් දරනව. එහෙම නැතිනම් Soul Stone එක දැනටමත් Thanosළඟ තියෙනව කියලත් මතයක් තියෙනව. ඒ කොහොම වුණත් මාත් කැමතියි මතයක් ඉදිරිපත් කරන්න. ඒ තමයි Soul Stoneඑක තියෙන්නෙ Adam Warlock ළඟ කියන එක. Comics කියවන අයනම් දන්නව ඇති Adam Warlock කියන්නෙ කවුද කියල. ඒ Guardians of the Galaxy Vol.2 film එකේ post credit එකක් විදියට Adam Warlock ව ජීවයට ගෙන්නන කෝෂය පෙන්නනව. ඔව්, එහෙම වුණොත් අපිට MCU එකේ phase 3 එකේදි Soul Stone එක දැකගන්න ලැබෙන්ණෙ නැහැ.

ඒත් අපි බලමු film එක ආවහම ඇත්තට ම කොහෙද Soul Stone එක තියෙන්නනෙ කියල. Trailer එකකුත් නිකුත් වුණානෙ. ඒකෙදි පෙන්නනව Visionගෙ නළලෙ තියෙන Mind Stone එක Thanos ගෙ ගෝලයෙක් ගලවන්න හදනව. අපි බලමු මොනව වෙයිද කියල. අහසින් අමුතු වස්තු වැටෙනව දකින්න පුළුවන්. පට්ට ලොකු වලි තමා තියෙන්නෙ. MCU එකට ඇතුළත් දිග ම දාවන කාලයක් තියෙන film එක කියල තමා දැනටනම් දැනගන්න ලැබෙන්නෙ. අපි ආසවෙන් බලං හිටපු Iron-Spider ඇඳුම Spider-Man ට ලැබෙනව. Wakanda වල නම් ලොකුම ලොකු වලියක් තියෙන පාටයි. බලමුකෝ...

තවත් review එකකින් මුනගැහෙමු.

මම විදූ වනසිංහ

 

3 Comments on “Avengers Infinity War (2018) Sinhala Review – සිංහල විචාරය”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *