Back To The Future (1985 ) සිංහල විචාරය.

මම අද අවධානය යොමු කරන්න හිතපු Film එක තමයි Back To the Future චිත්‍රපටය.
1985 චිත්‍රපටයක් උනත් අදටත් ඇමරිකාව පුරා ඉන්න ඕනෑම අයෙක් මේ චිත්‍රපටය පිළිබදව දන්නවා. කාලයක් ජනප්‍රිය වෙලා තිබිලා නැති වෙලා යන නිර්මාණ අද ගොඩක් තියනවනෙ. ඒත් මේක අපි අදත් ජෝතිපාලගෙ සිංදු රස විදිනවා වගේම අදත් ඇමරිකාව පුරාම තරුණ මහලු හැමෝම ආදරය කරන ජාතියේ Classical Film එකක්.  ( දන්න කෙනෙක් ඔබට කියාවි ඇමරිකන් ෆිල්ම් ඉතිහාසයේ තරුණ වයස ඉලක්ක කර සාදන චිත්‍රපට ක්ෂේත්‍රයේ විශාලම වෙනසක්  සිදු වූ අවදිය ලෙස පිළි ගැනෙන්නෙත් මේ  1980 -1990 අවදිය.   Breakfast Club, 16 Candles, Ferris buller’s day out වැනි චිත්‍රපට එහි දී
මතකයට නැගෙනවා.)

Teen movie ගණයට අයිති වෙන මේක Comdey, Action, Sci-Fi ගනයන්ටද අඩංගු වෙනවා. Romance වලටත් අයිතියි කියලා ඕන්නම් කියන්න පුලුවන්.. ඒත් ඔයා බලාපොරොත්තු වන විදියෙ romance එකක් නම් නෙමෙයි වෙන්න පුලුවන් මේකෙ තියෙන්නෙ 😂😂

IMDB දර්ශකයෙ මේ ෆිල්ම් එකට 8.5 ක අගයක් ලැබිලා තියනවා. 1985 වෙලත්, teen movie එකක් වෙලත් එතරම් ඉහල අගයක් මේක ලබා තියෙන්නෙත් ඒකෙ රසය නිසාමයි. අද බොහෝමයක් Time travel චිත්‍රපට වලට මූල බීජය ලැබුනා කියන්නෙත් මේකෙන්. සුප්‍රකට අධ්‍යක්ෂකවරයෙක් සහ චිත්‍රපට රචකයෙක් වන Steven Spilberg ගේ පළමු නිර්මාණ දායකත්ව අතරින් එකක්. අදටත් ඇමරිකාවෙ යම් යම් අවස්ථාවලදි මේකෙ දෙබස් උපුටා කියන්න ඒ කාලෙ ඒක රස විදපු අයට පුලුවන්. අදටත් මේක පලමු වතාවට නරඹන අයත්, 100 වන වතාවට නරඹන අයත් ඉන්නවා. (Google, IMDB reviews හා back to the future fb page ආදී ඇතුල්වීමට පහසු Sites වලින් අවශ්‍ය නම් මේ ගැන වැඩි තොරතුරු දැන ගන්න පුලුවන්.) පලමු චිත්‍රපටය සමගම මේකට Sequel දෙකක් එහෙමත් නැත්තම් තවත් චිත්‍රපට දෙකක්ම නිකුත් උනා. ඒ දෙකත් රසිකයන් ආදරයෙන් වැලද ගත්තා. ඒ 1989 හා 1990 යන වසරවල් වලදී.   ඒවා ලද IMDB අගයන් පිළිවෙලින් 7.8ක් හා 7.4ක්.  (සාමාන්‍යයෙන් රේටින්ග් එක 6 ට වඩා උඩින් කියන්නෙ සාමාන්යෙන් කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්… ගොඩක් වෙලාවට. අත්දැකීමෙන් කියන්නෙ. )

පරණ ක්ලැසිකල් ෆිල්ම්ස් වලට ආස නම්, ටීන් ෆිල්ම්ස් වලට කැමති නම් විද්‍යා ප්‍රබන්ධ කතාවලට උනන්දු නම් අනිවාර්යෙන් බලන්න කියලා මං යෝජනා කරනවා. ඒත් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ලංකාවෙ නම් මේක අවුරුදු 14 සිට 25 වගේ වයස් පරාසයක අය රස විදියි කියලයි. බැරෑරුම් අර්ථයක් බලාපොරොත්තුවෙන් වත්, ජීවිතයට අලුත් දෙයක් එකතු කර ගන්න බලාපොරොත්තුවෙන් වත් මේක බලන්න එපා. ඔබේ බලාපොරොත්තු කඩ වෙන්න පුලුවන්. සාමාන්‍ය චිත්‍රපටයක් නරඹන ආකාරයට බලන්න. රස විදින්න පුලුවන් වෙයි. මොන කාලයට අයත්, මොන සමාජයක ජීවත් උනත් තරුණ තරුණියන්ගෙ හැගීම් හා සිතුවිලි නම් හැම සියවසකදිම එක වගේ කියලා අදහසකුත් එකතු කරමින් මං එහෙනම් නවත්තනවා. කැමති අය රස විදින්න එහෙනම් 

රචනය නවෝද් විජේසේකර.

Download Movie Here

Leave a Reply

Your email address will not be published. Required fields are marked *