Black Panther (2018) Sinhala Review – සිංහල විචාරය

ඔන්න මගේ දෙවෙනි review එකත් අරං මං ආව. අද ගෙනාවෙත් Marvel film එකක් තමා. ඒ Black Panther (2018) film එක. නම අහපු ගමන් තේරෙනවනෙ කතාව Black Panther ගැන කියල. මේ කතාව පටන් ගන්නෙ Captain America: Civil War (2016) කතාවට පස්සෙ සිද්දවෙන සිදුවීමක් විදියට. Captain America: Civil War (2016) film එකේදි T’Chakaමැරෙනවනෙ Zemoවිසින් පුපුරන්න සැලසුම් කරපු බෝම්බයක් නිසා. T’Chakaකියන්නෙ Wakandaවල හිටපු රජතුමා. ඉතිං ඊට පස්සෙ Black Panther වෙන්නෙT’Challa. ඒ කියන්නෙ T’Chakaගෙ පුතා. ඉතිං අපි දැක්ක T’Challa, Black Panther වෙන හැටි.

මුලින් ම කියන්න ඕනෙ Black Panther කියන්නෙ super hero කෙනෙක් ම නෙවේ, එයා තමයි comics වල තියෙන Wakanda කියන අප්රියකානු ජාතීන්ගෙ රජතුමා වගේම ආරක්ෂකයා. Black Panther කියන්නෙ එක පුද්ගලයෙකුත් නෙවේ. කාලෙන් කාලෙට වෙනස්වෙනව, පරම්පරාවෙන් උරුමවෙන දෙයක් විදියට. ඉතිං මේ T’Challa කියන චරිතයට එයාගෙ සතුරන්ට එරෙහිව සටන් කරන්න අවශ්යට බුද්ධිය, දැඩි ශාරීරික පුහුණුව, සටන් කළාවන්ගේ හැකියාවන්, දියුණු තාක්ෂණික ක්රම සහ ධනය ඔහු සතුව තියෙනවා.

Trailers කිහිපයක් නිකුත්වෙලා තියෙනවා. ඒත් එක්කම අපිට දැකගන්න පුළුවන් BlackPantherට අලුත් kit එකක් ලැබිල තියෙනව. කට්ටිය දන්නව ඇතිනෙ Wakandaවල තමා Vibranium නිදිය තියෙන්නෙ කියල. BlackPantherගෙ kit එක හදල තියෙන්නෙ Vibranium පාවිච්චි කරල. ඒ වගේම CaptainAmericaගෙ shield එකත් හදල තියෙන්නෙ Vibraniumවලින් කියල. Trailersවල පෙන්නනව BlackPantherkit දෙකම. එත් හොඳට බැලුවොත් හිතාගන්න පුළුවන් Killmonger පරණ BlackPantherkit එක හොරකම් කරල තියෙනව කියල. එයා ඒක GoldenBlackPantherkit එක විදියට update කරලත් තියෙනව. Killmonger තමයිBlack Panther (2018) film එකේ ප්රrධාන හතුර වෙන්නෙ.ඒ වගේම T’Challa ළඟ තියෙන්නෙ අලුත්BlackPantherkit එක.Comicsවල දකින්න ලැබෙන BlackPantherkit එකේ ලෝගුවන්trailersවල දැකගන්න නැහැ. මේ කතාවට Klaue චරිතයත් සම්බන්ධයි. මතක ඇතිනෙ Avengers: AgeofUltron (2015) film එකේදි නැවකදි Ultron එක්කෙනෙක්ගෙ අතක් කපලදානවා. ඒ තමා Klaue.Man-Ape (M’Baku) කියන comic චරිතයත් මේfilm එකේදි දැකගන්න පුළුවන්.

ඒ වගේම comics වලට අනුවනම් T’Challaගෙ බිරිඳ වෙන්නෙ Storm. Storm කියන්නෙ X-Men චරිත අතරෙ ප්රoධාන ම චරිතයක් කියල දන්නවනෙ. ඒත් ඒ සම්බන්ධ සිදුවීම් නම් අපිට දැකගන්න ලැබෙන්නෙ නැහැ. මොකද X-Men චරිතවල චිත්ර්පට බෙදාහැරීමේ අයිතිය තිබුණෙ 20th Century Fox සමාගමට. X-Men චරිතවල බෙදාහැරීමේ අයිතිය ආපහු Disney එහෙමත් නැත්නම් Marvel Studio යටතට ගත්තෙ දෙසැම්බර් මුල් භාගෙදි. (Marvel Studio තියෙන්නෙ Walt Disney Studio යටතෙයි) ඒ කියන්නෙ Black Panther (2018) film එක තිරගතවෙන්න බොහොම ටික කාලෙකට කලින්. ඒ නිසා Storm වරිතයට Black Panther (2018)film එක ඇතුළෙඉඩක් තිබුනෙ නැහැ. මේfilm එක Avengers: InfinityWar (2018) film එකට කෙලින් ම සම්බන්ධයක් තියෙනවා. කටකතා තියෙනවනෙ SoulStone එක තියෙන්න Wakandaවල කියල.අපි බලමු ඉස්සරහට මොනව වෙයිද කියල.

තිරගතවන දිනය:- 2018හි පෙබරවාරි 19 වෙනිදා
අධ්යතක්ෂක:- Ryan Coogler
පිටපත:- Ryan Coogler සහ Joe Robert Cole
චරිත:- T’Challa / Black Panther ලෙස Chadwick Boseman
Erik “Killmonger” Stevens ලෙස Michael B. Jordan
Everett K. Ross ලෙස Martin Freeman
as Ulysses Klaue ලෙස Andy Serkis

“Brought you by Vidu Wanasingha”

 

Watch Now Black Panther (2018) Full Trailer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *