Dark Sinhala Review

Dark TV Series Sinhala Review – ඩාර්ක් කතා මාලාවේ සිංහල විචාරය

 

හොදයි යහලු යෙහෙළියනේ අදත් එහෙනම් ඔන්න අපි ආවා… වැදගත් ඒ වගේම ජනප්‍රිය කතා මාලාවක් ගැන ඔබ දත් නොදත් තොරතුරු බොහෝ ඇතුලත් සිංහල විචාරයක් අරගෙන. පල්ලෙහා කමෙන්ට් තීරුවේ ඔයාලට තොරතුරු දැන ගන්න අවශ්‍ය වෙන වෙනත් ෆිල්ම්, ටිවී සීරීස් තියනවා නම් ගැනත් සටහනක් දාගෙන යන්න අමතක කරන්න එපා කියලත් මං මේ ගමන්ම සිහිපත් කරනවා. ඒ සෑම ඉල්ලීමකටම අනූව
සිංහල විචාරයන් සකස් කරන්න අපි හැකි සෑම උත්සහයක්ම ගන්නවා. අද මේ විචාරය ඔබ වෙත ගෙන එන මම නවෝද් විජේසේකර.

ඉතින් අද අපි අවධානය යොමු කරන්න හිතුවෙ 2017 අවසාන මාස කිහිපයේ වඩාත්ම ටීවී සීරීස් ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත්, ඒ වගේම තරමක් දුරට අවතක්සේරුවකට ලක් වුනා යැයිද සැලකිය හැකි එහෙත් සුපිරි
විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනි කතා මාලාවක් වන Dark( අදුර ) පිළිබදවයි. මෙය නිකුත් වුනේ (Released) 2017 දෙසැම්බර් 1 වැනිදා. ඒ Netflix ආයතනය ( Company ) හරහායි. මෙහි කතා තේමාව ගැන කතා කලොත් විද්‍යා ප්‍රබන්ධ, ලාස්‍ය හා අබිරහස් ( Sci – Fi, Drama, Mystery ) යන ගණයන්ට අයත් එකක් ලෙසට නම් කරන්න පුලුවන්. ඒ වගේම මෙය තරමක්
දුරට ගැඹුරු අදහස් ඇති කරවන සුළු කතාවක් ලෙසටද හැදින්විය හැකියි. එම නිසා ලාබාල වයසක පසුවන හෝ යමක් ගැඹුරින් දකින්නට අපහසු අයට මෙය වඩාත් හොදින් තේරුම් ගැනීමට නම් හොදින් අවධානය යොමු කරන්නට සිදු විය හැකි බවට අවවාද කරන්න කැමතියි.

මෙය ඉතිහාසයට එක් වුනේ Netflix හරහා නිකුත් වුණු පලමු ජර්මානු ටෙලි කතා මාලාව ලෙසටයි.. එයින් තරමක් පෙනෙනවා මෙම කතා මාලාව අසාර්ථක වීමට ඇති ඉඩ ප්‍රස්ථාව අඩු බව. මොකද Netflix ආයතනය විසින් ඔවුන් හා සම්බන්ධ කර ගන්නේ
අතිශය සිත් ඇද ගන්නා සුළු පළමු තිර පිටපතක් ඇති කතාවක් හා ඉදිරියක් ඇති බවක් පෙනෙන කතාවක් නම් පමණයි. ( අනිකුත් ආයතන වලට සාපේක්ෂව Netflix මගින් නිකුත් කරන ටීවී සීරීස් කැන්සල් වන්නේද නැති තරම් වන්නේ ඒ නිසයි. ) මෙම කතා මාලාව
පිළිබදවත් ඔවුන් දැක්වූ ආකල්පය නිවැරැදි බව පෙන්වමින් මේ වන විට ඩාර්ක් හි පළමු සීසන් එක අවසානයේ ඔවුන් 8.8 ක ඉහළ IMDB අගයක් ලබා තිබෙනවා. (IMDB – Internet Movie Data Base. ඕනෑම ෆිල්ම් එකක් ගැන ලෝක මතය දැන ගන්න ඕන්නම් යන්න ඕනෙ සයිට් එක
තමයි IMDB.com ) ඒ පුද්ගලයන් 33 790 කගේ මතයෙන් (2018 ජනවාරි 9 වෙනිදා වන විට).

මෙම කතා මාලාව සම්බන්ධයෙන් තරමක හෝ අවතක්සේරුවක් ඇති වීමට හේතුවක් වුනේ මෙය Netflix හරහාම නිකුත් වුනු Stranger Things වල ආකෘතියක් වැනි යැයි අදහස් පළවීමත් සමගයි. ඒත් මතුපිටින් බැලූ විට එසේ පෙනුනත් වඩාත් හොදින් බලන විට
Stranger Things හා Dark අතර ඇත්තේ අහසට පොළව වැනි විශාල වෙනසක් බව හදුනා ගත හැකියි. මෙම සීරීස් දෙකේදීම ආරම්භයේදී කුඩා දරුවෙක් අතුරුදහන් වීමත්, ඔවුන්ගේ සමීපතමයන් විසින් ඔහුව සොයා ගන්නට උත්සහ කිරීමත්, ඒ සමග ඇති වන සිදුවීම්
මාලාවක් උඩ කතාව ගලාගෙන යාමත් දකින්න පුලුවන්. එමෙන්ම මෙම සීරීස් දෙකම 1980 කාල වකවානුව ඉලක්ක කරගෙන නිර්මාණය වූවන්. ඒ වගේම මෙම කතාංග දෙකම විද්‍යාත්මක ප්‍රබන්ධයන් ආශ්‍රිතවයි ගොඩ නැගෙන්නේ. ඒ ඇරුනම වෙන කිසි සමානකමක් මේ කතා දෙකේ
නැහැ. Stranger Things හි සිදු වන්නේ විලී සමාන්තර මානයක අතරමං වීමයි. එය සමාන්තර විශ්වයන්, ඒවායේ වාසය කරන ගුප්ත ජීවී කොට්ඨාශ හා ගොඩ නැගෙන කතාවක්. ඒත් Dark හි යන්නේ කාල තරණය ගැන පුදුමාකාර සංකීර්න සංකල්ප ගොඩ නැගෙන කතාවක්. එය Stranger Things වලට
වඩා ගැඹුරු, ඒ වගේම අදුරු කතා තේමාවක් මතයි ගොඩ නැගෙන්නෙ. එහෙම ගත්තම කාල තරණය යොදාගෙන මෙතෙක් සෑදුණු කතාවලට වඩා ගැඹුරු හා වෙනස්ම විදියෙ ටීවී සීරීස් එකක් විදියට ඩාර්ක් හදුන්වන්න පුලුවන්. කතාව ආරම්භයේ තරමක් සෙමින් කතාව
ගොඩ නැගීම සිදු වුනත්, සීසන් එකේ අවසානය වන විට “මේ සීරීස් එක බලන්න ගත කරපු කාලය අපතෙ ගියෙ නෑ ” කියන අදහස ඇති වෙයි. (මන්දා මට නම් එහෙම එකක් ආවා.) මේ වන විට ඩාර්ක් හි දෙවන සීසන් එකක් ප්‍රචාරය කිරීම සදහා කැමැත්ත ආයතනය පළ කර
තිබෙනවා. ඒ අනූව එහි නිෂ්පාදන කටයුතු මේ වසරේ ආරම්භ වීමට නියමිතයි.

ඩාර්ක් ටීවී සීරීස් එක ගැන තවත් තොරතුරු ටිකක් මෙන්න :

* මෙහි පළමු සීසන් එක එපිසෝඩ් 10යි. එක එපියක ධාවන කාලය පැයක් පමණ වෙනවා.

* ජෝනස් කොන්වල්ඩ් නම් තම පියාගෙ සියදිවි නසා ගැනීම නිසා සිත් තැවුලට පත්ව සිටින තරුණයා වටා ගෙතෙන කතාවක් ලෙසට සැලකිය හැකියි. එම චරිතයට පණ පොවන්නේ ලුයිස් හොෆ්මාන්.

* මේක කාල තරණය සම්බන්ධ කතාවක් කියලා කලින් කිව්වනෙ. ඉතිං මේකෙ ඒ සම්බන්ධ වෙන වසරවල් තමයි 2019,1986 හා 1953.

* සීරීස් එක හැගීම් දැනවීම අතින් Twin Peaks හා Stranger Things යන ටීවී සීරීස් වලට තරමක් සමානයි කියලයි විචාරක මතය.

* මේක මගින් ප්‍රචාරය හා බෙදා හැරීම සිදු කරනු ලබන ප්‍රථම ජර්මන් ටීවී සීරීස් එකයි. මෙහි ඉංග්ලිෂ් ඩබ්ඩ් ( හඩ කවන ලද ) කොපියන්ද තිබෙනවා. එහෙත් ප්‍රධාන වශයෙන් රිලීස් උන කතාවේ යෙදෙන්නේ ජර්මන් භාෂාවයි.

* තවත් ප්‍රධාන විචාරක වෙබ් අඩවියක් වන Rotten Tomatoes ( කුණු වුනු තක්කාලි – නමෙන්ම තේරෙනවනෙ. ෆිල්ම් වලට මඩ ගහන්න, අත්තටම කිව්වොත් විචාර දෙන්න යෙදෙන වෙබ්සයිට් එකක් කියන අදහසම තමයි. ) මගින් මේ කතා මාලාවට 83% කුත්
සාමාන්‍ය රේටින්ග් 10න් 7.1 කුත් දීලා තියනවා. ආදරය දැනවෙන සුළු චරිත මදිකම, කතාව තුලින් දෙන්න හදන පණිවිඩය කෙරෙහි වැඩි බරක් යොදා තිබීම කියන කරුණු තමයි විවේචනාත්මකව බලලා තිබුනෙ.

ඉතින්, ඩාර්ක් පළමු සමය ගැන දැනට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. එහෙනම් තවත් සිංහල විචාරයක් සමග ලගදීම හමු වෙමු. ජය වේවා!

රචනය නවෝද් විජේසේකර.

 

3 Comments

  1. Pattama bn.😍😍😍
    Runaways gana podi vistarayak dakoo

    1. Author

      Bohoma sthuthiyi bro… Aniwa daannm <3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *