How to change the default Windows 10 system font

හැමදාම ඔයාගෙ පරිඝණකයේ එකම font එක දැකල දැකලා එපා වෙලාද ඉන්නෙ? එහෙනම් මේ පෝස්ට් එක අයට ගොඩක් වැදගත් වෙයි.

වැදගත් :

මේක registry එඩිට් කරලා කරන වැඩක් , හින්දා මතක තියාගන්න මේකෙ අවදානමක් නැත්තෙමත් නෑ. හින්දා මේක කරන්න කලින් ඔයාගෙ සිස්ටම් එකේ  full backup එකක් කරන්න හරි එහෙමත් නැත්තම්  system restore point එකක් create කරන්න හරි ඔයාට පුළුවන්. මේ දෙකෙන්ම බලාපොරොත්තු වෙන්නෙ සිස්ටම් එක ඩැමේජ් උනොත් නැවත යථාතත්වයට පත් කරගන්න එක.

  • Control Panel එක ඕපන් කරගන්න.
  • Font මෙනුව ඕපන් කරගන්න.
  • ඊළඟට ඔයාගෙ වින්ඩෝව්ස් වල තියෙන font වලින් ඔයාට ඕනි කරන font එකේ නම නිවරදිව මතක තියාගන්න එහෙමත් නැත්නම් කොලේක ලියාගන්න. ( e.g., Arial, Arcane ඔය විදිහට)

  • දැන් notepad එක open කරගන්න.
  • ඊට පස්සෙ මේ පහළින් තියෙන කෝඩ් එක notepad එකට කොපි පේස්ට් කරගන්න.

 

Windows Registry Editor Version 5.00

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Fonts]
"Segoe UI (TrueType)"=""
"Segoe UI Bold (TrueType)"=""
"Segoe UI Bold Italic (TrueType)"=""
"Segoe UI Italic (TrueType)"=""
"Segoe UI Light (TrueType)"=""
"Segoe UI Semibold (TrueType)"=""
"Segoe UI Symbol (TrueType)"=""

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\FontSubstitutes]

"Segoe UI"="ENTER-NEW-FONT-NAME"
  • මෙතනදි ඔයා මතක තියාගන්න ඕනි කෝඩ් එක කොපි පේස්ට් කරද්දි ENTER-NEW-FONT-NAME කියන තැන ඔයාගෙ font එකේ නමින් replace කරන්න.  Arial වගේ ඒ විදිහට.
  • දැන් Notepad එකේ File කියන ටැබ් එක උඩ ක්ලික් කරලා Save As දෙන්න.
  • Save As Type කියන එක යටතේ All Files කියන එක දෙන්න. ඊට පස්සෙ File Name එකට ඔයා කැමති නමක් දීලා Extension එකට .reg කියලා දෙන්න.

 

  • දැන් මේ ඔයා හදාගත්තු  .reg ෆයිල් එක registry එකට  merge කරන්න ඕනි. ඒකට  save වෙච්ච ෆයිල් එක උඩ double click කරන්න.
  • Yes දීලා ok දෙන්න.

  • දැන් restart කරන්න.
  • restart උනාට පස්සෙ ඔයාට දැකගන්න පුළුවන් සිස්ටම් එකේ default font එක වෙනස් වෙලා තියෙන හැටි.

ඔයාට ආපහු කළින් විදිහට revert කරගන්න ඕනි නම් කරන්න තියෙන්නෙ කළින් විදිහටම notepad එක ඕපන් කරලා මේ පහළින් තියෙන කෝඩ් එක ටයිප් කරලා ඒ විදිහටම save as type එකට All Files දීලා .reg extension  එකත් එක්ක කැමති නමක් දීලා ඒ save කරගත්ත file එක උඩ double click කරලා .reg ෆයිල් එක registry එකට merge  කරගෙන restart කරන එක.

Windows Registry Editor Version 5.00

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Fonts]
"Segoe UI (TrueType)"="segoeui.ttf"
"Segoe UI Black (TrueType)"="seguibl.ttf"
"Segoe UI Black Italic (TrueType)"="seguibli.ttf"
"Segoe UI Bold (TrueType)"="segoeuib.ttf"
"Segoe UI Bold Italic (TrueType)"="segoeuiz.ttf"
"Segoe UI Emoji (TrueType)"="seguiemj.ttf"
"Segoe UI Historic (TrueType)"="seguihis.ttf"
"Segoe UI Italic (TrueType)"="segoeuii.ttf"
"Segoe UI Light (TrueType)"="segoeuil.ttf"
"Segoe UI Light Italic (TrueType)"="seguili.ttf"
"Segoe UI Semibold (TrueType)"="seguisb.ttf"
"Segoe UI Semibold Italic (TrueType)"="seguisbi.ttf"
"Segoe UI Semilight (TrueType)"="segoeuisl.ttf"
"Segoe UI Semilight Italic (TrueType)"="seguisli.ttf"
"Segoe UI Symbol (TrueType)"="seguisym.ttf"
"Segoe MDL2 Assets (TrueType)"="segmdl2.ttf"
"Segoe Print (TrueType)"="segoepr.ttf"
"Segoe Print Bold (TrueType)"="segoeprb.ttf"
"Segoe Script (TrueType)"="segoesc.ttf"
"Segoe Script Bold (TrueType)"="segoescb.ttf"

[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\FontSubstitutes]

"Segoe UI"=-

එහෙමත් නැත්තන් ඔයා create කරගත්ත system restore point එක පාවිච්චි කරන්නත් ඔයාට පුළුවන්.

තවත් වැදගත් දෙයක් තමයි ඔයා වෙනස් කරන්න තෝර ගන්න  ෆොන්ට් එක  Webdings හෝ Wingdings වැනි සංකේතාත්මක font වර්ගයක්  නොවෙන්න ඕනි . නැත්තම් සිස්ටම් එක අවුල් යන්න පුළුවන් ඒ වගේ එකක් තෝර ගත්තොත්.

ඉතිං මේ වගේ තවත් දේවල් ගැන දැනගන්න ඕනි නම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ගැටළු තියේ නම් යොමු කරන්න. මේ වගේ තමන් දන්න දේ බෙදා ගන්න කැමති අය අපිත් සමග එකතු වන්න.

Post By Adheesha

2 Comments

  1. I am really thankful to the owner of this web page who has shared this fantastic piece of writing at at this time.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *