Odin භාවිතා කර ස්ටොක් රොම් එකක් ෆ්ලෑශ් කරමු.

මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද ස්ටොක් රොම් එකක් Odin පාවිච්චි කරලා ෆ්ලෑශ් කරන්නෙ කියලා.

Odin කියන්නෙ FIRMWARE එකක් සැම්සුන් ඩිවයිස් එකකට ෆ්ලෑශ් කරන්න සැම්සුන් එකෙන් ඩිවලොප් කරපු සොෆ්ට්වෙයා එකක්. මේක පාවිචිචි කරලා අපිට පුළුවන් ස්ටක් වෙච්ච හරි බ්‍රික් වෙච්ච හරි සැම්සුන් ෆෝන් එකක් ආපහු යථාතත්වෙට ගන්න. ඒවගේම කස්ටම් රොම් එකක් ෆ්ලෑශ කරන්නත් මේක භාවිතා කරන්න පුළුවන්. ඔය වගේ තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. දිගටම අපිත් එක්ක ඉදියොත් ඒ දේවල් ගැනත් ඉස්සරහට ඔයාලට දැනගන්න පුළුවන් වේවි.

තව එකක් මේකෙ පොඩි අවදානමකුත් නැත්තෙමත් නෑ, ඒ හින්දා ඒ අවදානම ගන්න එක ඔයාලගෙ අතේ තියෙන්නෙ.

හරි අපි දැන් බලමු කොහොමද ස්ටොක් රොම් එකක් මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා ෆ්ලෑශ් කරගන්නෙ කියලා.
ඉස්සල්ලාම ඔයා සැම්සුන් USB Driver ක ඉන්ස්ටෝල් කරගන්න ඕනි.
ඊටපස්සෙ SAMFIRMWARE සයිට් එකට ගිහින් ඔයාගෙ ඩිවයිස් එකට ගැලපෙන FIRMWARE එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි.
දැන් ODIN එක ඩවුන්ලෝඩ් කරගන්න.
ඔයා මේ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් සේරම තියෙන්නෙ, zip විදිහට. ඔයා ඒවා EXTRACT කරගන්න ඕනි. EXTRACT කරගන්න බැරිනම් ඔයා WinRar ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනි. ඒකෙන් අර ෆයිල් ඕපන් කරගන්න ඔයාට පුළුවන්.

winrar-32Bit-400
winrar-64Bit-400

ඔන්න දැන් සේරම හරි. දැන් අපි FIRMWARE එක එහෙම නැත්තම් රොම් එක ෆ්ලෑශ් කරන්න හදන්නෙ.

මතක තියාගන්න මේ සේරම කරන්න කලින් ඔයා ෆෝන් එකේ තියෙන් සේරම ඩේටා බැකප් කරගෙන තියගන්න ඕනි.

Super Backup වගේ ඇප් එකක් ඒ සදහා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්.
දැන් ඔයා ඔයාගෙ ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහින් ඒකෙ ෆෝන් එකේ වර්ෂන් එක ගැන එහෙම විස්තර තියෙන කොටසට යන්න ඕනි. එතන ඇති Build Number කියල එකක්.
ඒක උඩ කීප පාරක් ටච් කලාම Devloper Options ඕන් වෙනව. ඔයා ඒකට ගිහින් Usb Debugging කියන එක OK කරන්න.
(මීට අමතරව ඔයා කස්ටම් රොම් එකක් වගේ ෆ්ලෑශ් කරන්න නම් හදන්නෙ OEM Unlock කියන එකත් OK කරන්න ඕනි.)

preview.jpg

දැන් ODIN එක ඕපන් කරන්න.
ඊටපස්සෙ ෆෝන් එක Download Mode එකට reboot කරන්න ඕනි. ඒක කරන්නෙ මෙහෙමයි. ඔයාගෙ ෆෝන් එක ඕෆ් කරන්න. ඊට පස්සෙ Volume Down + Home + Power කියන බටන් තුන පිළිවෙලින් ටික වෙලාවක් ඔබාගෙන් ඉන්න. එතකොට මෙන්න මේ 1 වගේ ස්ක්‍රීන් එකක් ඔයාලට එයි. Volume Up බට්න් එක එබුවම 2 වගේ ස්ක්‍රීන් එකක් එයි.

a3.jpg

දැන් ඔයාගෙ ෆෝන් එක ඩේටා කේබල් එකෙන් PC එකට කනෙක්ට් කරන්න. එතකොට ODIN එකේ පෙන්නනව ෆෝන් එක ඇඩ් කරා කියලා.

a4.jpg

කනෙක්ට් කරාට පස්සෙ ඔයා ODIN එකෙන්, අර කලින් ඩවුන්ලෝඩ් කරල EXTRACT කරගත්ත FIRMWARE ෆයිල් එක ඕපන් කරගන්න ඕනි. ෆයිල් එකේ නම …..meta.tar.md5 විදිහට තමයි අවසන් වෙන්නෙ.
සාමන්යෙන් AP කියන එකට තමා මේ ෆයිල් එක ඇඩ් කරන්නෙ. නමුත් සමහර FIRMWARE ෆයිල්  EXTRACT කලාම ෆයිල් පහක් විතර පෙන්නනවා. ඒ වගේ වෙලාවකදි ෆයිල් එකේ නමේ මුල කෑල්ල බලල ඒ ඒ ෆයිල් එක ODIN එකේ ඒ ඒ කොටසට ඇඩ් කරන්න ඕනි. උදාහරණයක් ගමු.

Screenshot (191).png

J7 Prme එකේ මෙහෙම EXTRACT කළාම ෆයිල් 5ක් පෙන්නනවා. මේ වගේ ෆයිල් පහක් තියෙද්දි, AP ෆයිල් එක AP එකටත් BL ෆයිල් එක BL එකටත් වගේ ඔය විදිහට ඇඩ් කරගන්න ඕනි. එතෙන්දි ඔයාට පේනවා ඇති CSC කියල එකක් තිබුනට, ඇඩ් කරගන්න CSC ෆයිල් දෙකක් තියෙනව CSC & HOME CSC කියලා. මෙතන්දි ඔයාට OS එක Clean Install කරගන්න ඕනි නම් CSC ෆයිල් එක CSC එකට ඇඩ් කරන්න ඕනි. OS එක Update හරි Refresh හරි නම් කරන්න ඕනි තමයි CSC එකට HOME CSC ෆයිල් එක ඇඩ් කරන්නෙ. ඔයාගෙ ෆෝන් එක බ්‍රික් වෙලා හදාගන්න යනවනම් CSC කියන එක ඇඩ් කරන්න.
ෆයිල් ඇඩ් කරද්දි, මුලින් CSC BL CP ෆයිල් ටික ඇඩ් කරලා අන්තිමට AP එක ඇඩ් කරන එක හොදයි. පලවෙනි තුන නම් විනාඩියක් වගේ ඇතුලත ඇඩ් කරගන්න පුළුවන්. ඔයාගෙ පීසී එකේ පෆෝමන්ස් අනුව AP එක ඇඩ් වෙන්න විනාඩි දෙකක වගේ කාලයක් යනවා.
දැන් සේරම හරි.

දැන් Start ක්ලික් කරන්න කලින් ඔයා බලන්න ඕනි Re Partition කියන එක Un Tick කරලා නේද තියෙන්නෙ කියලා.

a6.jpg

දැන් Start දෙන්න. දැන් ඔයාගෙ ෆෝන් එකට FIRMWARE ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා. අන්තිමට Pass කියල මැසේජ් එකක් එයි.

a7.jpg

ඒ කියන්නෙ දැන් වැඩේ හරි. ෆෝන් එක ඩේටා කේබල් එකෙන් ගලවලා ඔටෝම රීබූට් වෙනකම් තියලා තියන්න. ටික වෙලාවක් යයි මේකට. විනාඩි 4ක් 5ක් වගේ. බයවෙන්න එපා.

 

ඉතිං මේ වගේ තවත් දේවල් ගැන දැනගන්න ඕනි නම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ගැටළු තියේ නම් යොමු කරන්න. මේ වගේ තමන් දන්න දේ බෙදා ගන්න කැමති අය අපිත් සමග එකතු වන්න.

 

Posted By Adheesha.

cashmerelucius5@gmail.com

Thank You!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *