The Man In The High Castle Sinhala Review – සිංහල විචාරය

The Man In The High Castle Sinhala Review
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

ඔන්න එහෙනම් අදත් සුපිරිම කතා මාලාවක Review එකක් අරන් ආවෙ.

The Man in the High Castle

The Man In The High Castle කතා මාලාව අයත් වන්නෙ ඩ්‍රාම/ ත්‍රිලර් ගණයට. මේ කතා මාලාවට පාදක කරගෙන තියෙන්නෙ Philip K. Dick ලේඛකයගෙ මේ නමින්ම 1962 වර්ශයෙදි නිකුත් වූ නව කතාවක්. කතා මාලාව නිකුත් වුණේ 2015 ජනවාරි මාසයෙදි Amazon ස්ට්‍රීම් සේවය ඔස්සේ. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ඒ කාලයෙ ජීවිතය ගැන සහ ජර්මන් පිල දෙවෙනි ලෝක යුද්ධය දිණුවොත් මොන වගේ වේවිද කියල බලාගන්න පුලුවන් සුපිරි කතා මාලාවක් තමයි මේ.

The Man In the High Castle කතා මාලාවෙ ක්‍රියේටර් වෙන්නෙ Frank Spotnitz. ඔහු මීට ඉහතදි The X Files (1996-2002) , Strike Back (2011), Medici: Masters of Florence (2016) වගේ රූපවාහිනී කතා මාලා කිහිපයකම වැඩකල සුවිශේෂ පුද්ගලයෙක්. ඒ වගේම කතා මාලාවෙ විධායක නිශ්පාක වෙන්නෙ Ridley Scott. ඔහු Alien ,Blade Runner, Gladiator වගේ සුවිශේෂ සිනමා නිර්මාණ කිහිපයකම කටයුතු කළ කෙනෙක්.

මේ කතාමාලාව සිදු වන්නෙ 1962 වර්ශයෙදි. මේ කාලයෙදි දෙවෙනි ලෝක යුද්ධය සිදුවෙලා, මිත්‍ර පාර්ශවය යුද්ධයෙන් පැරදිලා , ජර්මනිය ඇතුලු අක්ෂි පාර්ශවය දෙවෙයි ලෝක යුද්ධය ජයග්‍රහණය කරල. දැන් ලෝකය පාලනය වන්නෙ ජර්මනිය සහ ජපානය මගින්. මෙහිදි යුරෝපයෙ විශාල ප්‍රදේශයක් පාලනය වන්නෙ ජර්මන් රජය විසින්. ඒ වගේම ආසියාවෙ වැඩි ප්‍රදෙශයක් පාලනය වෙන්නෙ ජපන් රජය විසින්. කතා මාලාවෙදි වැඩි අවදානයක් යොමු කරන්නෙ ඇමරිකාව ගැන. මෙහිදී ඇමරිකාව පාලන ප්‍රදේශ තුනකට බෙදල තියනව. එක් ප්‍රදේශයක් පාලනය වෙන්නෙ Greater Nazi Reich නම් ජරමන් රජය විසින්, අනෙක් ප්‍රදේශය පාලනය වන්නෙ Japanese Pacific States නම් ජර්මන් රජය විසින්. මේ ජර්මන් සහ ජපන් පාලන ප්‍රදේශ දෙක අතර පිහිටී ප්‍රදේශය හදුන්වන්නෙ Neutral zone නමින්. දැන් මේ ප්‍රදේශ පාලනය වන ජර්මන් රජය සහ ජපන් රජය අතරත් විවිධ අර්බුද හේතුවෙන් සීතල යුද්ධයක තත්වයක් තියෙන්නෙ. මේ ජර්මන් සහ ජපන් පාලනයට විරුද්ධ , මේ පාලන ක්‍රමයට එරහිව සටන් වදින රෙසිස්ටන්ස්ල නම් පිරිසකුත් සිටිනව. මේ ටික දැනගත්තම කතා මාලාවෙ සිද්ධි පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්.

මේ කතා මාලාවෙ කතා නායිකාව Juliana Crain. Juliana ජීවත් වන්නෙ ඇමරිකාවෙ Japanese Pacific States නමින් ජපන් රජය විසින් පාලනය කරන ප්‍රදේශයෙ. ඇය ජපන් ක්‍රමයට හැඩ ගැසී ජීවත් වන සාමාන්‍ය තරුණියක්. ඇය ජීවත් වුණේ ඇගේ පෙම්වතා වන Frank Frink සමග.
එක් රාත්‍රීයකදි අපේ කතා නායිකාව වන Juliana ඇගේ සහෝදරිය වන Trudy Walker මුන ගැසෙනව. එහිදී Trudy විසින් Julianaට The Grasshopper Lies Heavy නම් ෆිල්ම් රීල් එකක් දීල කියනව මෙය රෙසිස්ටන්ස්ල අතට පත් විය යුතු බව. පසුව Trudy මාර්ගය දෙස දුව යන ආකාරය සහ ජපන් සොල්දාදුවන්ගේ වෙඩි පහරවල් වලින් ඇය මිය යන ආකාරය Juliana දකිනව. පසුව ජුලියානා තම සහෝදරිය දුන් ෆිල්ම් රීල් එක රෙසිස්ටන්ස්ල අතර සිටින Man In The High Castle නම් පුද්ගලය අතට පත් කිරීමට Neutral Zone වල පිහිටා තිබෙන Canon නගරයට ගමන් කරනව. Canon නගරයෙදි Joe නම් තවත් රෙසිස්ටන්ස් සාමාජිකයෙක් ඇයට මුනගැසෙනව. රෙසිස්ටන්ස්ලා එකතුවීමෙන් පසු ඇගේ කතාව තමයි කතා මාලාවෙන් බලාගන්න පුලුවන් වෙන්නෙ.
(ඉස්සරහට හිට්ලර්වත් බලාගන්න පුලුවන් 😄)
තවත් කතාව කිවුවොත් ස්පොයිල් වෙන නිසා මෙතනින් නවතිනව.

කතා මාලාවෙ කාස්ටෙක ගැන කතා කලොත් ප්‍රදාන චරිතය වන ජුලියානාට රගපාන්නෙ Alexa Davalos . ඇයව Clash of the Titans, The Mist, The Chronicles of Riddick,Feast of Love වගේ සිනමා පටවලින් සහ Angel වගේ කතා මාලාවලින් අපිට ඇයව බලාගන්න පුලුවන් වුණා. ඊට අමතරව Luke Kleintank, Rupert Evans, Rufus Frederik සහ Supernatural කතා මාලාවෙ ගාත්ට රගපාන DJ Quallsවත් කතා මාලාවෙ කාස්ට් එකේ ඉන්නව.

The Man In The High Castle කතා මාලාවට 8.1ක IMDB අගයක් ලැබිල තියනව. ඒමි සම්මාන කිහිපයකටත් නිර්දේශ වුණා. ඒ වගේම ඒමි සම්මාන දෙකකුත් ලබාගැනීමට සමත් වුණා. කතා මාලාව හොද ක්‍රිටික්ස් ප්‍රතිචාරත් ලබාගෙන තියනව.

කතා මාලාව TV-MA ලෙස වර්ග කරල තියෙන්නෙ. වචන භාවිතය සහ ලිංගික දර්ශණ හේතුවෙන් පවුලේ සැම එක්ක බලන්න අමාරුයි.
කතා මාලාවෙ එපිසොඩ් 10කින් යුක්ත පළමු කතා සමය 2015 ජනවාරි මාසයෙදි නිකුත් වුණා. එපිසොඩ් 10කින් යුක්ත දෙවන කතා සමය 2016 දෙසැම්බර් මාසයෙදි නිකුත් වුණා. කතා මාලාවෙ තෙවන කතා සමය 2018දි නිකුත් වීමට නියමිතයි. බලපු නැති අය අනිවාර්යයෙන්ම බලන්න. සුපිරිම කතා මාලාවක්. එහෙනම් අදට සමු ගන්නව, තවත් සුපිරි කතා මාලාවක Review එකකින් හමු වෙමු.

#NightKing

Posted by Tv Series World

Leave a Reply

Your email address will not be published. Required fields are marked *