Marvel’s VENOM (2018) සිංහල විචාරය

ආයුබෝවන් මිතුරු මිතුරියනි, http://sinhalasubz.com/  විසින් ඔබ වෙත ගෙන එන චිත්‍රපට විචාරයන්ගේ පළමුවැන්නයි මේ. අනාගතයේ නිකුත් වීමට නියමිත ප්‍රධාන, ජනප්‍රිය, වටිනා හා වැදගත් මෙන්ම ඔබ විසින් ඉල්ලුම් කරන ඕනෑම චිත්‍රපටයක්, ටෙලි කතා මාලාවක් සදහාම විචාරයන් ලබා දෙන්න අප සූදානම්. එම නිසා මෙම විචාරයන් පිළිබද ඔබගේ අදහස් මෙන්ම යෝජනා චෝදනා පල කරන්න අමතක කරන්න
එපා. ඒක අපිට මෙම විචාරයන් කල යුතු පැතිකඩවල් වගේම අවධානය යොමු කල යුතු අංග පිලිබද වැඩිදියුණු වීමක් කර ගන්නට උපකාරයක් වේවි… අද මේ විචාරය ඔබ වෙත ගෙන එන මා නවෝද් විජේසේකර.
මෙම සටහන එක් කලේ මේ අපගේ කුළුදුල්ම විචාරය නිසා. ඉතින් අපි තවත් පේලි වැය නොකරම දැන් ෆිල්ම් එක වෙත යොමු වෙමු.

හොදයි අපේ චිත්‍රපට, ටීවි සීරීස් රසික යහලු යෙහෙලියනේ… අද අපි ඔබට ගෙන ඒමට තීරණය කලේ මේ වසරේ (2018) ඉදිරියේදී නිකුත් වීමට නියමිත තවත් පට්ටම සුපිරි වීර කතාවක් වන Venom (වෙනම් – උග්‍ර විශයා) ෆිල්ම් එක පිලිබඳවයි. Marvel විශ්වයේ චිත්‍රපටවල මෙතෙක් අපට හමු නොවූ වෙනස්ම අන්දමේ සුපිරි වීරයෙක් ලෙසයි ඔහු කරලියට එන්නේ. ඔහු හා සබැදි තවත් චිත්‍රපටද ඒ අනූව අපට ඉදිරි වසර වලදී දැකගන්නට හැකි වේවි ( Venom -1, Venom -2 හරි ඒ වගේ නම් වලින් ).  ඒ අනූව මෙම පළමු වෙනම් චිත්‍රපටය 2018 ඔක්තෝබර් 05 වෙනිදා චිත්‍රපට ශාලාවලට නිකුත් කිරීමට සැලසුම් යොදා තිබෙන අතර එය Colombia Pictures නිෂ්පාදනයක්. බෙදාහැරීම Sony Pictures මගින්. මෙය ඇමරිකානු ෆිල්ම් එකක් ( ඒක ඉතින් කියන්න
දේකුත් නෑ… ඔන්න ඔහෙ කිව්වා). අධ්‍යක්ෂණය Ruben Fleischer විසින්.

Marvel විශ්වයට අයත් තවත් එක් සුපිරි වීර චිත්‍රපටයක් ලෙසට නිෂ්පාදනය උනත්, මෙතෙක් නිපදවුනු අනෙකුත් මාවල් විශ්වයේ චිත්‍රපටත් එක්ක බලනකොට මේක කාරණා කිහිපයක්ම නිසා
වෙනස් මුහුණුවරක් ගන්නවා. ( ඩෙඩ්පූල් කියන වීරයා මතකනේ, සාමාන්‍ය සුපිරි වීරයෙක්ට වඩා වෙනස් නෙ. ඩෙඩ්පූල් R rated (වැඩිහිටියන්ට වඩාත් සුදුසු) ගණයටම ගියානෙ. මෙයත් ඒ වගේ වෙනස්ම කෙනෙක්. ඒත් ඩෙඩ්පූල් වගේ විනෝදබර පැත්තට නෙමෙයි. )

කාරණා කිහිපයක්ම තියනවා. ප්‍රධාන එකක් තමයි මං කලින් කිව්වා වගේම මේකෙ ප්‍රධාන චරිතය වන වෙනම් ගේ චරිත ස්වභාවය. සාමාන්‍ය සුපිරි වීරයෙක්ට වඩා ගුප්ත කෲරතර අමානුශික ගතියක් තියන කෙනෙක් හැටියටයි අපිට වෙනම්ව Comics චිත්‍ර කතාවල හමු වෙන්නෙ.
ඒ අනූව මේ චිත්‍රපටය සාමාන්‍ය මාවල් මූවි එකකට වඩා අදුරු පැත්තට ( dark Side එකට ) බර එකක් වේවි. මෙම චිත්‍රපටය Horror ගණය යටතටද ඇතුලත් කර තිබීමෙන් ඒ බව සනාථ වෙනවා. ( සාමාන්‍යයෙන් හොරර් කියන්නෙ හොල්මන් චිත්‍රපටනේ ) ඉතින් මේ ෆිල්ම් එක තුළ ඇතුලත් කර ඇති අනිකුත් ගණයන් වන්නේ ක්‍රියාදාම, ත්‍රාසජනක හා විද්‍යා ප්‍රබන්ධයි. ( Action,Thriller & Sci – Fi). ඒත් කතා තේමාව ( Plot ) ගැන තවමත් පැහැදිලි අදහසක් දැන ගන්නට නැහැ. ඒත් බොහෝ විට ලේ ගැලීම් සහිත, බිය දනවන සුළු කතා තේමාවක් වනු ඇතී.

දෙවැනි කාරණය තමයි මෙය සෝනිගේ මාවල් විශ්වය ( Sony’s Marvel ) ඇතුලත කෙරෙන පළමු චිත්‍රපටය වීම. ඒ කියන්නෙ මේක මාවල් මූවි එකක් උනත් සාමාන්‍ය මාවල් විශ්වය තුල සිදු වන කතාංගයක් වන්නේ නැහැ. ( ඇවෙන්ජර්ස්ලා, එක්ස් මෙන්ලා ඉන්න පෘතුවියක් නෙමෙයි මේ කතාවේ අපට හමුවන ලෝකය. එය වෙනම්ටම වෙනම නිපැදවුණු විශ්වයක් වනු ඇති. ඒකත් මාවල් ප්‍රේක්ෂකයාට වෙනස්ම අත්දැකීමක් වේවි.
තුන් වෙනි කාරණය තමයි වෙනම් ( Venom ) යොදාගෙන චිත්‍රපට කතා මාලාවක් ඇති කිරීමේ උවමනාව හදිසියේ හටගත් එකක් වීම. වෙනම්ට වෙනම පෞරාධිකාරයක් ( Franchise එකක් ) ලබා දෙන්නට යෝජනා වීම පවා සාකච්ඡාවට ලක් වුනා.  කොටින්ම ඇක්වා මෑන් ෆිල්ම් එක තිරගත වීම ආරම්භ වීමට නියමිතව තිබූ දිනයන් පවා ආපස්සට ගැනීමට සිදු වුනා චිත්‍රපට ශාලා අතර ඇති කාල සටහන් වෙනස් වීමත් සමග. ඇක්වා මෑන් ප්‍රේක්ෂකයන් නම් ඒ සම්බන්ධයෙන් එතරම් සතුටට පත් වන එකක් නෑ. කෙසේ වුවත් මෙහි නිෂ්පාදකයන්  නම් මෙය ඉතා විශාල මූල්‍ය සාර්ථකත්වයක් ලබාවි කියා අපේක්ෂා කරන්නේ නැති බව තමයි පැවසෙන්නේ. එහෙත් එය කොහොම වෙයිද කියලා හරියටම බලන්න වෙන්නෙ නම් ඔක්තෝබර් 05න් පස්සෙ තමයි.

මෙන්න Venom චිත්‍රපටය ගැන තවත් තොරතුරු කිහිපයක්:

* ටොම් හාඩි = වෙනම් නැතහොත් එඩී බ්‍රොක් ලෙස.
පිටසක්වල සහජීවියෙක් (Symbiote) ගේ දාරකයක් (Host) හරහා ඔහුට අද්විතීය බලයක් ලැබේ.

* මෙහි රූගත කිරීම් ඇරඹුනේ 2017 ඔක්තෝබර්, ඇට්ලැන්ටා සහ නිව්යෝක් යන නගර වලදී.

* කොමික් කතාවලදී වෙනම්, ස්පයිඩර් මෑන්ගේ ප්‍රධාන සතුරෙක් ලෙසද සැලකේ.

* 2013 දීත් වෙනම් සම්බන්ධ ෆිල්ම් එකක් නිපදවීමේ අදහස පැවතියත්, එම වසරේම නිකුත් වූ “අමේසින් ස්පයිඩර් මෑන් 2” චිත්‍රපටයද හිතූ තරම් සාර්ථක නොවීම නිසා ඒ අදහස යටපත් වුනා.

* ඩෙඩ්පූල්ට පසුව සුපිරි වීර කතාවක්, R rated (වැඩිහිටියන්ට වඩාත් සුදුසු) ගණයට ඇතුලත් වන පළමු අවස්ථාව වනු ඇතැයි අදහසක් පවතී. එහෙත් ඩෙඩ්පූල් හාස්‍යයට බර වූ සේම වෙනම් චිත්‍රපටය භීතියට බර එකක් වනු ඇතී.
( ප්‍රධාන වශයෙන් හොරර් උනත් Action, Horror, Thriller, Sci – Fi සියලුම අංග වලින් සපිරි සුපිරියක් වේවි. මාවල් ගැන ඉතින් දන්නවනෙ )

ඉතින් වෙනම් ගැන නම් ඒ ටික තමයි කියන්න තියෙන්නෙ. එහෙනම් තවත් මෙවැනිම රිවීව් එකකින් හමු වෙමු. එතෙක් ඔබට ජය!

රචනය නවෝද් විජේසේකර.

Watch Now Marvel’s VENOM (2018) Full Trailer


Venom movie in 2018 or 19

Marvel’s VENOM (2018) Full Trailer #1

3 Comments

  1. Aqua man kohomada marvel elata related une?

    1. එල බන් නැ පොඩ්ඩක් පැටලුනා… මාවල් ස්ටූඩියෝස් නිසා නෙමෙයි කල් ගියෙ චිත්‍රපට ශාලා අතර තියන කාල සටහන් වෙනස් වීමක් නිසා. ඒක එඩිට් කරන්න ඕනි ගිහින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *