Star Trek: Discovery S01E01 Sinhala Subtitle

ඔන්න එහෙනම් මම මේ සයිට් එකට කරන පලමුවෙනි උපසිරසිය ලෙස Tv series එකක් ගෙනාවා. මං ගැන වැඩි බයිලා ඕනි නැහැ  කෙලින්ම කතාවට බහිමු.

Star trek Universe එක ඉතාමත් විශාල, ටිකක් හිතාගන්න අමාරු කතාවක්. මම සරලව විස්තර කරන්නම්කෝ. Star trek වලට අනුවනම් 21 වන ශතවර්ෂයේදි පෘථිවියට නොයෙක් කරදර ඇතිවෙනවා. උදාහරනයක් විදියට 3 වන ලෝක යුද්ධය පවා ඇතිවෙනවා. 2024 සිට 2053 දක්වා. රජයන් පෙරලෙනවා, මිනිස්ජීවිත මිලියන 600 ක් පමන බිලිගන්නවා. ප්‍රධාන රටවල් සහ නගර විනාශ වී යනවා. යුද්ධය ඉවර වෙලා අවුරුදු 10 කට පස්සේ පලමු පිටසක්වල ජීවය සොයා ගනු ලබනවා ඒනම් වල්කන් වරු.ඔවුන් ඉතාමත් බුද්ධිමත් ජීවින් කොට්ටාශයක්. ඔහොම ඔහොම මිනිස් වර්ගයා ආලෝක වේගයටත් වඩා වේගෙන් යන්න පුලුවන් යානා පවා නිර්මානය කරනවා. මෙයත් සමග අනෙකුත් බුද්ධිමත් ජීවින් සමග ගනුදෙනු කිරීමට මිනිස් වර්ගයා පෙලබෙනවා. 2150 දී පමන එක්සත් පෘථිවි රජය බිහිවීම මගින් පෘථිවිය මත තිබූ සියලුම ප්‍රශ්න සමතයකට පත් වෙන්න ගත්තා. ඔවුන් දුප්පත්කම,ජාතිවාදය සහ ආගම් වාදය යන සියලු දේ නැති කර දැමුවා
2161 දී ෆෙඩරේශනය ආරම්භ වුනා.ෆෙඩරේශනය මගින් star fleet නැමැති යානා කන්ඩායමක් එකතු කරනවා. ආරක්ශාවට සහ විශ්වය ගවේෂණයට මෙම Starfleet එක උපකාරී වෙනවා.දැනට star trek film 13 පමන නිකුත් වෙලා තියෙනවා. Tv series 5ක් පමන නිකුත් වෙලා තියෙනවා.පලමු Tv series එක තමා star trek the original series. මේක 1966 සිට 1969 දක්වා විකාශය වෙලා තිබෙනවා. මම උපසිරැසි ගෙනෙන Star trek discovery හී විශේෂත්වය වන්නේ The orginal series කතාමාලාවේ සිදුවීම් වෙන්න අවුරුදු 10 කට කලින් වුනු දේවල් තමා Star trek discovery කතාමාලාවෙන් ඉදිරිපත් වෙන්නේ.

Star trek discovery කතාමාලාව 2017 සැප්තැම්බර් 24 දින සිට ආරම්භ වු කතාමාලාවකි. IMDB දර්ශකයේ 7.4 ක් සහ කුනු තක්කාලියෙන් (Rotten tomatoes) 82% ක්ද ලැබී තිබෙනවා. bryan fuller සහ alex kurtzman යන දෙදෙනා අතින් නිර්මානය වුවකි. කතාවේ ඇතුලාන්තය ගැන කියන්නේ නැහැ. මොකද ඒ තරමටම මටනම් කතාව සුපිරි. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් කතාවක්. ඒ වගේම ඊලග එපිය බලනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ.

Star Trek: Discovery S01E01 සඳහා උපසිරසිය නිර්මාණය කළේ තාරක මිහිරංග සහෝදරයා විසිනි. sinhalasubz.com/ වෙනුවෙන් ඔබට අපගේ හද පිරි තුති. කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Download Star Trek: Discovery S01E01 Sinhala Subtitle

 

Direct Download Star Trek: Discovery S01E01

 

ඩවුන්ලෝඩ් කරගන්න දීල තියන ලින්ක් එක වැඩ කරන්නෙ නැතිනම් ඒ ගැන කියල කමෙන්ට් එකක් දාන් යන්න යාලුවනේ….

අපේ වැඩ ගැන ඔයාල හිතන දේ , ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා කියල කමෙන්ට් එකක් දාගෙනම යමු නේද? හාද (:

 

2 Comments on “Star Trek: Discovery S01E01 Sinhala Subtitle”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *